දෙමළ පක්ෂ නියෝජිතයින් ජනපති හමුවෙයි

දෙමළ පක්ෂ නියෝජිතයින් ජනපති හමුවෙයි

April 2, 2026   05:12 pm

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයෝ පිරිසක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.

මලෛයිගම් ජනතාව මුහුණ දෙන අධ්‍යාපන, නිවාස සහ ඉඩම් ගැටලු පිළිබඳවත්, ඒ වෙනුවෙන් ගත යුතු කඩිනම් පියවර පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර එම සියලු ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.

එමෙන්ම, කඳුකරයේ පාසල්වල ගුරු හිඟය පියවීම සඳහා සුදුසුකම් ලත් දෙමළ මාධ්‍ය ගුරුවරු කඩිනමින් බඳවා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. දිගම්බරම්, වී.රාධාක්‍රිෂ්නන් යන මහත්වරුන් ඇතුළු පක්ෂ සාමාජිකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.