බක් පුර පසළොස්වක පෙහොය අදයි
April 1, 2026 06:18 am
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනයක වීම විශේෂත්වයකි.
චූලෝදර – මහෝදර නා රජුන් අතර මැණික් පුටුවක් හේතුවෙන් ඇතිවන්නට ගිය ගැටුම නිරාකරණය කිරීමේ අරමුණ ඇතිව බුදුරදුන්ගේ දෙවැනි ලංකා ගමනය සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
එෆ්.එම්. දෙරණ අසපුව බක් පුර පසළොස්වක 131 වන පොහොය දින වැඩසටහන වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අද දවස පුරා පැවැත්වේ.
