යූරියා පොහොර තොගයක් මාතරින් වටලයි
March 31, 2026 01:45 pm
යූරියා පොහොරවල සඳහන් නියමිත මිල මකා දමා, කූඨ ලෙස තොරතුරු වෙනස් කර විකිණීම සඳහා සූදානම් කර තිබූ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්රික් කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව මෙම විශේෂ වැටලීම සිදු කර තිබේ.
අදාළ ස්ථානයේ තිබී මිල සහ තොරතුරු වෙනස් කරන ලද කිලෝග්රෑම් 50යේ යූරියා පොහොර ඇසුරුම් 179ක් සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට සහ පොහොර තොගයට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීම සඳහා මාතර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
