එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ නියෝගය කල්යයි
March 24, 2026 12:37 pm
එයාර් බස් මිලදී ගැනීමේ සිද්ධියේදී අල්ලස් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින එහි හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන අය සඳහා වරෙන්තු නිකුත් කරනවාද? නැත්ද? යන නියෝගය අප්‍රේල් මස 02 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
