යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 14, 2026 06:37 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (14) දින 15ක් ගතවී තිබේ.
-------------------------------------
7.30 am
ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව විසින් බෝම්බ හෙළා තිබේ.
අමෙරිකාව තහවුරුකර ඇත්තේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයකටම ප්‍රහාර එල්ල කළ බවය.
-------------------------------------
6:37 am
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
