උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
March 12, 2026 03:57 pm
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුවට අයත් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද නිකුත් කළ එම නිවේදනය හෙට (13) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් මෙන්ම මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.
එම නිසා මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍යයට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
