header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විදුලි සේවකයින්ගේ ඉල්ලීම් සමාගමේ සභාපති හෙළිකරයි
Mar 11, 202611:09 AM
විදුලි සේවකයින්ගේ ඉල්ලීම් සමාගමේ සභාපති හෙළිකරයි
Mobitel 1278

වර්ජනයේ නිරතව සිටින විදුලි බල වෘත්තීය සමිති විසින් 40%ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා සිටින අතර, එම ඉල්ලීම ඉටු කළහොත් විදුලි බිල 100%කින් ඉහළ දැමීමට සිදුවිය හැකි බව NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා පවසයි.

ලංවිම අනුප්‍රාප්තික සමාගම් කළමනාකාරීත්වය අද (11) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

විදුලි බල වෘත්තීය සම්ගම් කාරණ 64ක් සඳහා ඉල්ලීම් කළ බවත් ඉන් 62ක් සඳහා එකඟ වූ අතර එනෙක් කාරණා ද්විත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව සලසා දුන් බවත් එහිදී ඔහු පැවසීය.

අදාළ කාරණා 64න් බහුතරයක් විදුලිබල මණ්ලඩය සතු වරප්‍රසාද ඒ අයුරින්ම අවශ්‍ය බවට කළ ඉල්ලීම් වන අතර ඉන් 59ක්ම මුල් සාකච්ඡාවෙදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා දීමට එකඟ වූ බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව සෙසු කාරණා 5ක් ඉතුරු වූ අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ලබා දෙන බවට අදාළ වෘත්තීය සමිතිවලට දැනුම්දුන් බව ද එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

එම වෘත්තීය සම්ගම්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවූ ආකාරයටම ප්‍රසාද දීමනාව ඉල්ලූ අතර කාර්ය සාධන ක්‍රමයක් හඳුන්වා දෙන තුරු ඒ සඳහා එකඟ වූ බවද මෙහිදී අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එමෙන්ම වැටුපට දීමනා වශයෙන් රුපියල් 11,000ක් සහ ඊට අමතරව ජීවන වියදම් දීමනාව එකතු කර සාමන්‍යයෙන් රුපියල් 17,000ක මුදලක් ලබා දීම සඳහා ද එකඟ වූ බව ඒ මහතා සඳහන් කර සිටියේය.

ඇමතිවරයාගේ මට්ටමෙන් එකඟ විය හැකි සියලු ඉල්ලීම් සඳහා එකඟ වූ බවද නුසිත් කුමාරතුංග මහතා සදහන් කළේය.

40%ක වැටුප් වැඩිවීමක් ඉල්ලන අතරම ඔවුන්ට ලබා දෙන 11,000 දීමනාව මූලික වැටුපට ඇතුළත් කරන ලෙසද මොවුන් ඉල්ලීමක් කර ඇති අතර රටේ නීතියට අනුව ජීවන වියදම් දීමනාව මූලික වැටුපට ඇතුළත් නොකරන බවද අධ්‍යක්ෂකවරයා මෙහිදී පැවසීය.

එම පදනම පැහැදිලි කළ ද මොවුන් ඒ සඳහා ඇහුම්කන් නොදුන් බව ද එ මහතා සඳහන් කළේය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ රජයක් ලෙස විදුලි බල මණ්ඩලයේ සේවකයින් 23,000 ගැන පමණක් සිතිය නොහැකි අතර එය රජයේ සේවයේ නියුතු අනෙක් සේවකයින්ට කරන අසාධාරණයක් වන බවය.

එනම් 40%ක් යනු මාසකට ගතහොත් බිලියන 1.8 වැඩිවීමක් වන බවත් එය අවුරුද්දකට බිලියන 22ක් වන අතර 2025 දෙසැම්බර් 31 ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ගිණුමේ පාඩුව පමණක් බිලියන 35ක් වන බවද මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා,

''ඇත්තටම අපි කම්පැනිය පටන් ගත්තේ ඊයේ. ඊයේ ඉඳලා අද වෙනකල් අපේ රාජකාරි කටයුත්තක් කරේ නැහැ. ඒක තමයි අපේ පටන් ගැන්ම... වෘත්තීය සමිතිවල ඉල්ලීම් කොටස් තුනක් තිබුණා. ඒක සාරාංශගත කරොත් එකක් තමයි විදුලිබල මණ්ඩලය වශයෙන් තිබියදී ලැබිච්ච වරප්‍රසාද අඩු වෙන්න බෑ කියන එක.. ඔවුන් කාරණා හැට හතරක් ඉල්ලුවා.ඒ හැට හතරෙන් බහුතරයක් තිබුණේ විදුලිබල මණ්ඩලය සතුව තිබුණු වරප්‍රසාද ඕන කියලා. ඒ හැට හතරෙන් මුල් සාකච්ඡාවේදී, අධ්‍යක්ෂ මණ්ඩලවලට දෙන්න පුළුවන් 59ක් අපි ලබාදුන්නා. පහක් ඉතුරුයි. ඒ පහෙන් තුනක් අපි කිව්වා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන්නම් කියලා...

ඉතින් අපි කිව්වේ ඒකට විසඳුම් ලබාදෙන්න පොඩි කාලයක් දෙන්න කියලා. ඒකත් අපි ප්‍රකාශ කරා. ඊට පස්සේ දැන් තව දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ දෙක මොකක්ද? සීයට හතලිහක පඩි වැඩි කිරීමක් ඉල්ලනවා. සියයට හතළිහක් කියන්නේ මාසෙකට ගත්තොත් බිලියන 1.8 වැඩිවීමක්.. එය අවුරුද්දකට බිලියන 22ක් විතර.. එතකොට 2025 දෙසැම්බර් 31 ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ගිණුමේ පාඩුව පමණක් බිලියන 35ක්.. එතකොට අපි විදුලිබල මණ්ඩලය, නැත්නම් කම්පැනි වගේ හිතනවා වගේම රටේ ජනතාව ගැන, මහජනතාව ගැන, ඉන්ඩස්ට්රීස් ගැනත් හිතන්න ඕන. මේ ටික එකතු කරොත් විදුලි බිල සීයට සීයකින් විතර වැඩි කරන්න වෙයි.

එතකොට අපි කිව්වා පොඩි සහන කාලයක් දෙන්න. මේවා කරගෙන යන්න එක සැරේට කරන්න බෑ කියලා.. මැදපෙරදිග යුද්ධ තියෙනවා... එනිත් එක වැටුප් විෂමතාවයක් තිබුණා සියයට විසිපහක. ඒ කියන්නේ 2024 අගෝස්තු ඉඳලා සීයට විසිපහක වැටුප් විෂමතාවයක් තිබුණා. ඒක විධායක ඉහළ නිලතලවල සියලු දෙනාම ලබාගත්තා. ඒක කරේ මෙහෙමයි.තීරණ ගන්න හැකියාවක් තියෙන ටික ඔක්කොම සීයට විසිපහ ගත්තා. පොඩි සේවකයෙක් තීරණවලට සම්බන්ධ වෙන්න බැරි සේවකයෙක් නම් වැඩි වුණේ සීයට හතයි, අටයි, දහයයි එහෙම. ඒ වරදත් හැදුවා. ඒක හැදුවේ 2025 ජනවාරි පළවෙනිදා ඉඳලා. එතකොට ඉහළ නිලධාරීන්ට ලැබෙන්න දෙයක් නෑ. ඒ විසිපහ අරගෙන ඉවරයි. දැන් ඒගොල්ලන් කියනවා කැබිනට් තීරණය වෙනස් කරලා සීයට විසි පහක් සියලු දෙනාටම ලබාදෙන 2024 ජනවාරි පළවෙනිදා ඉඳන් කියලා..එතකොට මම කිව්වා කැබිනට් තීරණයක් මට, අපිට අධ්‍යක්ෂවරුන්ට වෙනස් කරන්න බෑ. ඒක ජනාධිපතිතුමා හම්බවෙලා කියන්න කියලා..ඒකටත් අවස්ථාව ලබාදීලා තියෙනවා. එතකොට ඉල්ලීම් සියල්ල සම්පූර්ණයි. දැන් වෙලා තියෙන දේ අපිට හිතාගන්න බෑ.. මොන අරමුණකින් මේ වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියනවද කියලා.

RelatedNews
MostRead
Mobitel 1278
VideoStories
ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි