බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
March 9, 2026 11:06 am
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 25% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
එය 2022 වසරේ මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම මිල මට්ටම ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ලොව තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අර්බුදය මේ සඳහා බලපා ඇති බව ද සඳහන්.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 24.96කින් හෙවත් 27%කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 117.65 ක් ලෙස සටහන් වී ඇත.
මෙය ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුවූ විශාලතම මිල ඉහළ යාම ලෙසද සඳහන්.
එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල ද ඩොලර් 25.72 කින් හෙවත් 28.3% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 116.62ක් දක්වා ඉහළ ගොස් තිබේ.
