header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කමේනි ඝාතනය කළ හැටි හෙළිවෙයි
Mar 06, 202608:20 PM
කමේනි ඝාතනය කළ හැටි හෙළිවෙයි
Mobitel 1278

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමේ සැලසුම සකස් කිරීමේදී ඊශ්‍රායලය ටෙහෙරාන් නුවර ආවේක්ෂණ කැමරා පද්ධතියට අනවසරයෙන් පිවිස එහි දත්ත සොරාගත් ආකාරය ඉන්දීය මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබේ.

එමගින් කමේනිගේ එදිනෙදා ගමන්, රථවාහන ගාල් කරන ආකාරයේ සිට ඔහුගේ ආරක්ෂකයින්ගේ වැඩ මුර වැනි සියුම් කරුණු ද සමීපව නිරීක්ෂණය කර ඇති බවත් මෙහිදී අනාවරණ කෙරුණි.

ඒ ඔස්සේ ලබාගත් දත්ත ජාලයක් සකසනු ලැබ ඇත්තේ මොසාඩ් සංවිධානයේ එයිටි ටූ හන්ඩ්‍රඩ් නම් ඒකකය මගිනි.

ප්‍රහාරය එල්ල වූ දිනයේදී කමේනිගේ කාර්යාලය තුළ දුරකථන සන්නිවේදන ක්‍රියාවලියට බාධා කර ඇති අතර, එහි සිටි ඔත්තුකරුවන්ගේ ද සහායෙන් යුතුව සැලසුම තහවුරු කර ඇති බව වාර්තා වෙයි.

මෙවන් ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි ඉරානය කිසිසේත් අපේක්ෂා නොකළ දහවල් කාලයක ඇරඹි මෙම ප්‍රහාරයේ පළමු පැය තුළදීම කමේනි ඝාතනය කෙරුණේ සැලසුමේ සූක්ෂ්ම බව මනාව පෙන්වමිනි.

මේ අතර ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා ටෙහෙරානයේ ඉරාන පාලන තන්ත්‍ර නායකත්ව සංකීර්ණයේ අලි කමේනිගේ භූගත හමුදා බංකරය විනාශ කළ බව පැවසෙන දර්ශන පෙළක්ද විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණි.

මේ අතර ඉරාන නායක කමේනි ඝාතනය කිරීම පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සැලසුම් කළ බවත් එය මාස 6කින් පමණ ක්‍රියාත්මක කිරීමට සිටි බවත් ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඊශ්‍රායල් කැට්ස් අනාවරණය කර තිබේ.

නමුත් එම ඉලක්කය ඊට පෙර සපුරා ගැනීමට හැකිවූ බව ඔහු පෙන්වාදී ඇත.

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඊශ්‍රායල් කැට්ස්,

"කමේනි ඝාතනය කිරීමට අපි තීරණය කළේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදි. ඒ ගැන අපේ හමුදාව සහ මොසාඩ් සංවිධානය සමග සාකච්ඡා කළා. ඒ වගේම අගමැති නෙතෙන්යාහු සහ ජනාධිපති ට්‍රම්ප් අතර ඉන් පසුව පැවති සාකච්ඡාවලදි මේ ගැන කතා වුණා. ඉරානයේ විරෝධතා ආරම්භ වුණේ ඒ අතර. ඉරානය අපිට කලින් පහර දෙයි කියලා අපිට සැකයක් කොහොමත් තිබුණා. මේ වගේ මෙහෙයුමක් අවශ්‍ය බවට තහවුරු වුණේ ඒකත් එක්ක."

මැදපෙරදිග කලාපය නොසන්සුන් කරමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත ප්‍රහාර ආරම්භ කර අදට සතියකි.

වසර 40කට ආසන්න කාලයක් අයෝමය හස්තයකින් ඉරානය පාලනය කළ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ද ඇතුළුව 1,332 දෙදෙනෙක් එරටට එල්ල වූ දැවැන්ත ප්‍රහාරවලින්, මේ වනවිටත් මියගොස් අවසන් ය.

ඉරාන රතු අඩසඳ සංවිධානයට අනුව යුද්ධයෙන් ඉරානයේ සිවිල් වැසියන්ගේ නිවාස 3090ක් වැනසී ඇති අතර ඊට අමතරව ඔසුසල් හා රතු අඩසඳ මධ්‍යස්ථාන ද ඇතුළුව ස්ථාන 600කට පමණ හානි සිදුව තිබේ.

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති අතර, අමෙරිකානු මධ්‍යම විධානය නිවේදනය කළ පරිදි ගෙවුණු පැය 72 අතරතුර එල්ල කළ ඇති ප්‍රහාර ගණන 200කට අධිකය.

මේ අතර ඉරානයේ නව නායකයා පත්කරන්නේ තම අභිමතය පරිදි පමණක් බවත්, කමේනිගේ පුතු එරට අධ්‍යාත්මික නායකයා ලෙස පත්කිරීමට තමන් විරුද්ධ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මාධ්‍ය ඇමතූ ජනාධිපතිවරයා ඉරාන හමුදා අංශවලින් ඉල්ලා ඇත්තේ අවි අත්හැර යටත්වන ලෙසය.

මේ අතර ඉරානය ද අසල්වැසි රටවල් වෙත එල්ල කරන ප්‍රහාර තවත් දැඩි කර තිබේ.

ඒ අනුව ඔවුන් පසුගියදා ඊශ්‍රායලයේ ටෙල් අවීව් වෙත එල්ල කළ ප්‍රහාර සඳහා පළමුවරට ඉරානයේ නිපදවූ කරම්ෂා 4 කෘෘස් මිසයිල යොදාගත් බවට ඉරානය පවසයි.

එම ප්‍රහාරය බවට සැලකෙන වීඩියෝ දර්ශන පෙළක්ද සමාජ මාධ්‍යවල සංසරණය වී තිබුණි.

කෙසේ නමුත් ඊශ්‍රායලය පවසන්නේ ඉරානය එල්ල කළ කිසිදු ප්‍රහාරයකින් තම රටට දැඩි හානි සිදුනොවූ බවය.

ඉරානයේ නිපදවූ කරම්ෂා මිසයිල සැලකෙන්නේ එක්වර ස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළ හැකි අති නවීන මිසයිලයක් ලෙසය.

කිලෝ මීටර් 2000ක උපරිම දුරක් ගමන් කළ හැකි මෙම මිසයිලයට ටොන් 1.5ක් බරැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි බව සඳහන් වෙයි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana