යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 4, 2026   06:14 am

Update - 1:17 PM

නැගෙනහිර ටෙහෙරානයේ පිපිරීමක් වාර්තා බව විදෙස් වාර්තා පවසයි.

-----------------

Update - 1:06 PM

කමේනිගේ අවමංගල්‍ය කටයුතු ආරම්භ වීමට නියමිතව තිබියදී, ඔහුගේ අනුප්‍රාප්තිකයා මරා දැමීමට උත්සාහකළ හැකි බවට ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති බවට විදෙස් වාර්තා පවසයි.
-------------------------

Update - 1:01 PM

ඉරාකයේ සුලෙයිමානියා හි ගොඩනැගිල්ලක් ඉලක්කකර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

-------------------

Update - 12:29 PM

බේරූට් වෙත තවත් ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායලය විසින් නිවේදනය කර තිබේ.

-------------------

Update - 12:25 PM

කලාපය පුරා අඛණ්ඩව එල්ලවන ප්‍රහාර හමුවේ, මැදපෙරදිගින් පිටවීමට අපේක්ෂා කරන බ්‍රිතාන්‍ය ජාතිකයින්ට සහාය වීම සඳහා බ්‍රිතාන්‍ය රජය ඕමානයේ සිට විශේෂ මගී ප්‍රවාහන ගුවන් යානයක් වෙන් කර ඇත.

--------------------

Update - 12:02 PM

දකුණු බේරූට් තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලය අනතුරු අඟවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

හිස්බුල්ලා සංවිධානයට අනුබද්ධ ගොඩනැගිලි ඉලක්කකර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම දිගටම කරගෙන යන බැවින්, දකුණු බේරූට් හි ඇතැම් ප්‍රදේශවල සිවිල් වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක හමුදා හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

-------------------

Update - 11:50 AM

ඊශ්‍රායල හමුදාව විසින් ලෙබනනයේ හස්මිහ් හි නගරයේ හෝටලයකට බෝම්බ හෙලා ඇති බවට වාර්තා වෙයි.

------------------------

Update - 11:20 AM

ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන්තොටුපළ අසල ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලා ඇති බවට සඳහන් වෙයි.

----------------------
 

Update - 11:07 AM

සටන් මධ්‍යයේ තෙල් නැවක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරායට යාත්‍රාකළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

-----------------------

Update - 10:36 AM

ඉරානයට එරෙහි අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරයන්ට රුසියාව සහ චීනය විරෝධය පළකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

-------------------------

Update - 10:15 AM

මැදපෙරදිග උග්‍රවන ගැටුමෙන් පසු බලශක්ති මිල ඉහළ යාම සහ ගෝලීය වෙළෙඳාමට ඇති වන බාධා පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය අවධානය යොමු කර ඇත.

මෙම තත්ත්වය ගෝලීය ආර්ථිකයේ අවිනිශ්චිතතාවය තවදුරටත් තීව්‍ර කළ හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි.

-----------------

Update - 10:10 AM

සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, රියාද් නගරයට දකුණින් එල්ල වූ කෘෘස් මිසයිල දෙකක් මැඩපැවැත්වීමට සෞදි ආරක්ෂක බළකා සමත් වූ බවය.

-----------------

Update - 9:30 AM

ලෙබනනයේ, බාල්බෙක් වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් හතර දෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා තිබේ.

-----------------

Update - 9:05 AM

මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල්-උදෙයිද් ගුවන් කඳවුරට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඉන් ජීවිත හානි සිදු නොවූ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරය අඟහරුවාදා (03) සවස එල්ලවී ඇති බවත් වාර්තා වෙයි.
-----------------

Update - 8:20 AM

අමෙරිකා එක්සත් ජනපදය පවසන්නේ, සෙනසුරාදා සිට ආරම්භ කළ සන්නද්ධ මෙහෙයුම් යටතේ ඉරානය තුළ ඉලක්ක 2,000කට අධික ප්‍රමාණයක් ප්‍රහාරයට ලක්කර ඇති බවයි.

ඉරානය එයට ප්‍රතිචාර වශයෙන් කලාපය පුරා මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

-----------------

Update - 7:40 AM

සෞදි අරාබියේ ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානා නවයක් විනාශ කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

-----------------

Update - 7:00 AM

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට (04) දින 5ක් ගතව ඇති අතර, පසුගිය 28 වන දා සිට අද දිනය දක්වා වූ කාලසීමාව තුළ ඉරානයේ සිවිල් වැසියන් 1,097ක් ඝාතනයට ලක්ව ඇතැයි අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසයි.

-----------------

Update - 6:40 AM

සෞදි අරාබියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මධ්‍යම බුද්ධි ඒජන්සි (CIA) මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

-----------------

Update - 6:20 AM

ඩුබායි හි අමෙරිකානු කොන්සල් කාර්යාලයෙන් පිටත වාහන නැවැත්වීමේ ස්ථානයකට ඉරාන ඩ්‍රෝන යානයක් කඩා වැටීමෙන් සුළු ගින්නක් ඇති වූ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසීය.

-----------------

Update - 6:14 AM

අමෙරිකානු හමුදාව පැවසුවේ එක්සත් ජනපදය ඉරානයේ ඉලක්ක 2,000 කට ආසන්න සංඛ්‍යාවකට පහර දී ඉරාන නැව් 17 ක් විනාශ කර ඇති බවය.

අරාබි බොක්ක, හෝමූස් සමුද්‍ර සන්ධිය හෝ ඕමාන් බොක්කෙහි එකදු ඉරාන නෞකාවක්වත් ගමන් නොකරන බව එක්සත් ජනපද හමුදාව පැවසීය.

-------------------------------------------------------------------------------------------------------------------------

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට දින 5ක් ගතවෙයි. එවන් පසුබිමක මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත.

මැදපෙරදිග යුද ගැටුම්වල නවතම යාවාත්කාලීන කිරීම් ඉහතින්.