කළුතර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය ඉදිරිපිට ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

කළුතර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය ඉදිරිපිට ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

March 4, 2026   09:59 am

කළුතර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය ඉදිරිපිට විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හට ගෙන ඇතැයි අද දෙරණ වාර්තාකරු පැවසීය.

ගින්න විනාඩි 20ක පමණ කාලයක් පැවතී ඇති අතර, එමඟින් ට්‍රාන්ස්ෆෝමරයේ කොටසකට හානි සිදුව තිබේ.

පසුව කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ ලෙකෝ සේවකයින් පැමිණ ගින්න පාලනය කර ඇත.

ගින්න හට ගැනීමත් සමඟ එම ප්‍රදේශයේ කලබලකාරී ස්වභාවයක් ඇති වූ බවද වාර්තා වේ.