කඩාවැටුණු අමෙරිකානු ගුවන්යානා ගැන කුවේට් ආරක්ෂක අංශවලින් නිවේදනයක්

කඩාවැටුණු අමෙරිකානු ගුවන්යානා ගැන කුවේට් ආරක්ෂක අංශවලින් නිවේදනයක්

March 2, 2026   03:24 pm

අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානා කිහිපයක් කුවේට් රාජ්‍යයේදී අනතුරට ලක්ව ඇති බවත්, එහි සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවි ගලවාගෙන ඇති බවත් කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

විදෙස් පුවත් තහවුරු කරන ලද වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ හමුදා ජෙට් යානයක් කුවේට් දේශයට කඩා වැටෙන අයුරු සහ එහි ගුවන් නියමුවා පැරෂූට් ආධාරයෙන් පොළොවට පතිත වන ආකාරයයි.

අනතුර වාර්තා වූ වහාම අදාළ බලධාරීන් විසින් සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ බව කුවේට් ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක කර්නල් සයිඩ් අල්-අට්වාන් (Col. Said Al-Atwan) ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අමෙරිකානු පාර්ශවයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බව වැඩිදුරටත් සඳහන් වේ.