යුද මෙහෙයුම් අතරතුර දී මියගිය අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළට
March 2, 2026 06:14 pm
ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා මියගිය අමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් ඇති බව අමෙරිකානු හමුදාව තහවුරු කර තිබේ.
ඊයේ (01) දිනයේදී සෙබළුන් තිදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු බරපතළ තුවාල ලැබූ බව අමෙරිකානු ආරක්ෂක අංශ විසින් නිවේදනය කළේය.
ඉරානයේ මුල් ප්රහාරයන්හිදී බරපතළ තුවාල ලැබූ සිව්වන සෙබළා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගිය බව හමුදා ආරක්ෂක අංශ පවසා ඇති බව විදෙස් මාධය පවසයි
ප්‍රධාන සටන් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ප්‍රතිප්‍රහාරයන් අඛණ්ඩව සිදු කරන බව අමෙරිකානු හමුදාව වැඩිදුරටත් අවධාරණය කර ඇති බව විදෙස් මාධය වැඩිදුරටත් පවසයි.
