UAE රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයෙක්ට සුළු තුවාල

UAE රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයෙක්ට සුළු තුවාල

March 1, 2026   10:14 pm

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයයෙකුද සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු විවිධ රටවලට අයත් පුද්ගලයින් 58 දෙනෙකු මෙලෙස සුළු තුවාල ලබා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම අදාළ ප්‍රහාරවලින් පාකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයෙකු මේ වනවිට මියගොස් සිටියි.