කොදෙව්වන්ගෙන් ඉන්දියාවට ලකුණු 196ක ඉලක්කයක්

කොදෙව්වන්ගෙන් ඉන්දියාවට ලකුණු 196ක ඉලක්කයක්

March 1, 2026   08:52 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග අවසන් කරමින් අද (1) පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ.ඉ. කොදෙව්වන් පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 195ක් රැස්කළේය.

කොදෙව් ඉනිම ඔසවා තැබූ රොස්ටන් චේස් පන්දු 25කින් ලකුණු 40ක් රැස්කළ අතර, ඔහු ආරම්භක පිතිකරු ෂේ හෝප් සමගින් පළමු කඩුල්ලට ලකුණු 68ක සබඳතාවක් පැවැත්වූහ.

එමෙන්ම ඉනිමේ තීරණාත්මක ලකුණු සබඳතාව පැවැත්වීමට ජේසන් හෝල්ඩර් (නොදැවී 37) හා රොව්මන් පවෙල් (නොදැවී 31) සමත්වූ අතර, ඔවුන් දෙදෙනා පන්දු 35කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 76ක් රැස්කිරීමට සමත් විය.

ඔවුන් දෙදෙනා පිටියේ එක්වන විට කොදෙව් ලකුණු පුවරුව දිස්වූයේ පන්දුවාර 14.1කදී ලකුණු 119කට කඩුලු 4ක් ලෙසය.

තරගය කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, මින් ජයගන්නා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවේ.