අමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයට අහිමි වූ ප්‍රධානතම නායකයන්
March 1, 2026 06:57 pm
ඉරානයට එල්ල වූ දැවැන්ත ප්‍රහාරවලින් එරට පාලන තන්ත්රයේ ප්රබලතම චරිත රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී තිබේ.
විදේස් මාධ්‍ය පවසා ඇත්තේ මෙම ප්‍රහාරවලින් සමස්තයක් ලෙස ඉරාන නිලධාරීන් 40 දෙනෙකු පමණ මියගොස් ඇති බව බුද්ධි අංශ සනාථ කර ඇති බවය.
මියගිය ප්‍රධාන පෙළේ නිලධාරීන් වන්නේ,
*ඉරානයේ උත්තරීතර නායකයා - අයතුල්ලා අලි කමේනි
ඊයේ (28) උදෑසන ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිල කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් තිබේ.
*ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (Revolutionary Guards) ගොඩබිම් හමුදාපතිවරයා - ජෙනරාල් මොහොමඩ් පක්පූර්
*ඉරානයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා - අලි ෂම්කානි
*ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා- අසීස් නසීර්සාදේ
මෙම ඉහළ පෙළේ නායකයන්ගේ අහිමි වීම ඉරාන හමුදා සහ දේශපාලන ව්‍යුහයට එල්ල වූ මාරාන්තික පහරක් ලෙස සැළකේ.
විශේෂයෙන්ම උත්තරීතර නායකයා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් එකවර මියයාම හේතුවෙන් ඉරානය තුළ දැවැන්ත පාලන හිස්තැනක් නිර්මාණය වී ඇති බව වාර්තා වල සඳහන් වේ.
