දකුණු අප්‍රිකාවට කඩුලු පහක ජයක්
March 1, 2026 07:12 pm
2026, විස්සයි විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති තරග කඩුලු 05කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 153කි.
එහිදී සිකන්ඩර් රාසා ලකුණු 73ක් ලබාගත්තේ පන්දු 43කට මුහුණ දෙමිනි.
පන්දුයැවීමේදී ක්වෙනා මාපා සහ ක්‍රොබින් බොස්ච් කඩුලු දෙක බැගින් දවාගත්තහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 154ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 17.5ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ.
එහිදී ඩෙවල්ඩ් බ්‍රිවිස් ලකුණු 42ක් ලබාගත්තේය. පන්දුයැවීමේදී සිකන්ඩර් රාසා කඩුලු තුනක් බිඳහෙළීය.
