කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසකට වෙඩි - 4ක් මරුට

කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසකට වෙඩි - 4ක් මරුට

February 26, 2026   08:58 am

අමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි වී ඇති වේග යාත්‍රාවකින් කියුබානු මුහුදු සීමාවට ඇතුළු වූ පිරිසකට එරට වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

එහිදි තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කියුබාවේ උතුරු වෙරළ තීරයේ පිහිටි දූපතක් ආසන්නයේ වේග ප්‍රහාරක යාත්‍රාවකින් පැමිණි පිරිසකට සිය ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඇති බව කියුබානු රජය පවසයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ පවසා ඇත්තේ යාත්‍රාවේ සිටි පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.