එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරියා ආරක්ෂක ලේකම් හමුවෙයි
February 19, 2026 10:27 pm
එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කේලර් මහතා, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමු වී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (19) මෙම හමුව සිදුව ඇත.
එහිදී දීස්වෛරීභාවය ආරක්ෂා කරන හා කලාපීය ආරක්ෂාව ශක්තිමත් කරන අපගේ විවෘත හා විනිවිද පෙනෙන හවුල්කාරිත්වය නැවත තහවුරු කරන ලදී.
ඉන්දු-පැසිෆික් කලාපය පුරා ස්ථාවරත්වයට සහාය වීම සඳහා අවැසි ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීම සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම පිළිබඳව ඔව්හු සාකච්ඡා කළහ.
ඔවුන්ගේ සාකච්ඡාවලදී පහත සඳහන් කරුණුවලට ප්‍රමුඛත්වය හිමි විය:
- වෘත්තීයභාවය සහ හැකියාව: අපගේ වෘත්තීය බලවේග අතර බැඳීම් ශක්තිමත් කිරීම.
- ආරක්ෂක සහයෝගීතාව: අන්තර්ජාතික තර්ජනවලට මුහුණ දීම සඳහා අන්තර්ක්රියාකාරිත්වය වැඩි දියුණු කිරීම.
- සමුද්‍රීය වසම් පිලිබඳ දැනුවත්භාවය:ආරක්ෂිත ඉන්දියානු සාගරයක් සඳහා දිගුකාලීන කැපවීම සහ සහයෝගීතාවය ඉහළ නැංවීම
