IMF කළමනාකරණ අධ්‍යක්ෂිකාව ආර්ථිකයේ ඉදිරිය ගැන අද දෙරණට කියයි
February 17, 2026 08:06 pm
ඉතාම කෙටිකාලයකදී ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් අත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පවසන්නීය.
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත වන ඇය "අද දෙරණ" සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළාය.
ඉන්දීවරී අමුවත්ත - ඔබ දිට්වා සුළිකුණාටුවෙන් හානිවූ කලාපවල සංචාරය කළා කියලා දැනගන්න ලැබුණා. ශ්‍රී ලංකාව මුහුණදුන් ආපදාව ගැන ඔබ පෞද්ගලිකවම දැනුණු බවත් දන්නවා?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා - "දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට ලක්වූ පිරිස් හමුවීමට මට අවස්ථාව ලැබුණා. ඒ සියල්ල මතින් ජනතාව ශක්තිමත්ව සිටිනවා මං දුටුවා. ඒ වගේම රජය ඉදිරියට ගිය ආකාරය ගැනත් මම ප්‍රසාදයට පත්ව ඉන්නේ වේගයෙන් සහ ස්ථාවරව. ඩොලර් මිලියන 200ක හදිසි මූල්‍ය සහාය ලබාදෙන්න IMF එකට හැකියාව ලැබුණා. එය කාලීනව හිමිවූ නිසා තමන්ට සිදුවූ මේ විපතෙන් ඇති වූ වේදනාව මේ ප්‍රජාවට තනිව දරාගන්න සිදුවණේ නැහැ."
ඉන්දීවරී අමුවත්ත - ආර්ථිකයට ඇතිවන පසුබෑම්වලදී නොසැලී සිටීම සඳහා දේශපාලන නායකත්වයට සහ බලධාරීන්ට දෙන පණිවිඩය කුමක්ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා - "ඇත්තටම ගෙවුණු දශකය තුළ ශ්‍රී ලංකාවට අභියෝග රැසකට මුහුණදීමට සිදුවුණා දැන් රටට උදාවී ඇත්තේ විශිෂ්ට අවස්ථාවක් පළමු වතාවට ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් ඉන්නවා. ඒ විශ්වාසය තමන් වෙත ලබාගන්න රජය තමන්ගේ කොටස කරමින් ඉන්නවා. මම මගේ අත්දැකීමෙන් කියන්නම්. අංක එක තමයි, ඉතාම කෙටිකාලයක් තුළ සාර්ව ආර්ථික සහ මූල්‍ය ස්ථාවරතාව ඇතිකරගැනීමට සමත්වුණා. උද්ධමනය 70%ක්ව පැවතියා දැන් එය 2%ක්. ආර්ථික වර්ධනය සෘණ අගයක තිබුණේ දැන් එය 5%ක් ජනාධිපතිතුමන්ට සහ රජයේ සාමාජිකයින්ට ජනතාවගේ සුබසිද්ධිය ගැන සැබෑ උනන්දුවක් තියෙනවා. සාර්ථකත්වය ළඟා වෙන්නේ රටක් එකමුතු වුණහම. එය ළඟා කරගන්න රජය දැඩි උත්සාහයක් දරමින් සිටිනවා."
ඉන්දීවරී අමුවත්ත - ආර්ථික අර්බුදයකින් පසු හඳුන්වාදුන් දැඩි ප්‍රතිසංස්කරණ පවා දරාගත් ජනතාවට සහනයක් ලැබෙන්නේ කවදාද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා - "ඔබේ එකමුතුකම සමරන්න
එක්වූ විට ඔබ හරිම ශක්තිමත්. ජනතාව තුළ ඇති අද්විතීය ගුණාංග තුළින් උපරිම සාර්ථකත්වය ලබාගන්න. උපරිම සත්කාරකත්වයක් ඇති රටක්. සංචාරයට ඉතාමත් සුදුසුයි. සංචාරක ක්ෂේත්රය රටට ඉතාමත්ම වැදගත් ක්ෂේත්රයක්"
