header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රජයේ කොන්ත්‍රාත් තමන්ගේ නමින් සිදුකර මුදල් ලබා ගත්තැයි ගම්පහ ප්‍රා.ස මාලිමා මන්ත්‍රීවරු තිදෙනෙකුට චෝදනා
Feb 08, 202612:08 PM
රජයේ කොන්ත්‍රාත් තමන්ගේ නමින් සිදුකර මුදල් ලබා ගත්තැයි ගම්පහ ප්‍රා.ස මාලිමා මන්ත්‍රීවරු තිදෙනෙකුට චෝදනා
Mobitel 1278

ගම්පහ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසින් රජයේ කොන්ත්‍රාත් තමන්ගේ නමින් සිදුකර මුදල් වංචා කර ඇති බව එම ප්‍රාදේශීය සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් චෝදනා කර තිබේ.

ඊයේ (07) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් අදාළ මන්ත්‍රීවරුන් චෝදනා කරනුයේ පළාත් පාලන ආඥා පනත අනුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොන්ත්‍රාත් කිරීම තහනම් බවය.

එමෙන්ම එලෙස කොන්ත්‍රාත් සිදුකර මුදල් ලබා ගැනීම ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමට බලපාන හේතුවක් බවත් පෙන්වා දුන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැවසුවේ මෙම ක්‍රියාව සම්බන්ධව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාටද පැමිණිලි කළ බවය.

එමෙන්ම අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවද අදාළ මන්ත්‍රීවරුන් එම මාධ්‍ය හමුවේදී පැවසීය.

"ගිය දෙසැම්බර් මාසේ සභා වාර්තාවේ සඳහන් වෙනවා අශෝක කුමාර මන්ත්‍රීවරයාත්, ධර්මවංශ මන්ත්‍රීවරයාත් ලබා ගත්ත මුදල්. ඒ වගේම බැකෝ යන්ත්‍ර යොදාගෙන සහන් ප්‍රසාද් මන්ත්‍රීවරයා මුදල් ලබා ගත් හැටිත් සඳහන් වෙනවා. පනතේ සඳහන් වෙනවා මූල්‍ය ගනුදෙණු කරන්න බැහැ කියලා. මේ මූල්‍ය ගනුදෙනු කළාම සභික ධුරය අහෝසි වෙනවා. ලබන සභාවාරය 10 වැනිදා තියෙනවා කියවීමේ හැකියාවක් තියෙන අයනේ ඉන්නේ. ලැජ්ජාවක් තියෙනවානම් පනත කියවලා සභාවට නම් එන්න එපා. "

මේ අතර ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද මාසිකව ඉන්ධන ලීටර් 500ක් ලබා ගනිමින් මුදල් නාස්ති කරන බවටද එම මන්ත්‍රීවරු පිරිස චෝදනා කළේය.

ඔවුන් පැවසුවේ සභාපතිවරයා විසින් රුපියල් ලක්ෂ දෙකහමාරක මාසික කුලී පදනම මත මෝටර් රථයක්ද ලබා ගනිමින් සභාවේ මුදල් නාස්ති කරන බවට ඔවුන් චෝදනා කළේය.

"මේ ගොල්ලෝ සභාවේ මුදල් ඉතුරු කරනවා කියලා ජනතාවට පොරොන්දු දීලා රොතු ගණන් ජනතාවගේ ඡන්ද ලබා ගත්තා නමුත් අද වෙනකොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාසෙකට ලක්ෂ 5කට අධික මුදලක් ලබාගෙන තිබෙනවා. එතුමා පාවිච්චි කරන වාහනය කුලී පදනම මත මාසිකව දෙලක්ෂ හැටදහසකට ලබාගෙන තිබෙනවා. එතුමා ඩීසල් ලීටර් 500ක් සභාවේ අරමුදලින් ලබාගෙන තිබෙනවා. සභාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිට මෙහෙම ගන්න එතුමා ලංකාවේ ජනාධිපතිද ? මොවුන් ජනතාවගේ මුදල් අවභාවිතා කරමින් විශේෂ වරප්‍රසාදයක් ලබනවා. මේ ගොල්ලෝ වල්පැල ගලවලා මල්පැල හිටවනවා කියලා තමයි සභාවේ බලය ගත්තේ. දැන් ඒ මල්පැල නිකන්ම වල්පැල බවට පත්වෙලා"

MostRead
Mobitel 1278
VideoStories
 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන  සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

ඩුබායි ධනුෂ්කගේ මෙරට මත්ජාලය මෙහෙයවන සුභාගේ ප්‍රධාන ගෝලයා අයිස් සමඟ STF දැලේ

 අදත් උදේම නාමල් අධිකරණයට

අදත් උදේම නාමල් අධිකරණයට

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්