ජාතියට ගෞරව පිණිස නාවික හමුදාවෙන් ආචාර වෙඩි මුර 25ක්
February 4, 2026 12:00 pm
78 වැනි අභිමානවත් ජාතික නිදහස් දිනයට සමගාමීව අද (04) ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම සිදුකර තිබේ.
නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ගාලු මුවදොර ඉදිරිපස මුහුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට මෙය සිදුකර ඇත.
වෙඩිමුරයක් පවත්වා ආචාර පුද කිරීමේදී පිරිනැමෙන උපරිම වෙඩිමුර සංඛ්‍යාව වන වෙඩිමුර 25ක් පිරිනැමිම ජාතිය වෙනුවෙන් පිරිනමනු ලබයි.
