ඔස්ට්‍රේලියානු සහ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දිවයිනට

ඔස්ට්‍රේලියානු සහ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් දිවයිනට

February 2, 2026   08:52 pm

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරග සඳහා සහභාගීවීම සඳහා ඔස්ට්‍රේලියානු සහ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම් අද (02) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට නිලධාරීවරුන් සහ ක්‍රීඩකයින් 32දෙනෙකු සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩකයින් සහ නිලධාරීවරුන් 27දෙනෙකු එලෙස දිවයිනට පැමිණ ඇත.

මොවුන් පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී.- 510 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.