header logo
SLIC
ක්‍රීඩා
SSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරේ
Jan 28, 202610:31 PM
SSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරේ
EDEX

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් කෙරෙමින් පවතින කොළඹ SSC ක්‍රීඩාංගණයේ අභිනව විදුලි ආලෝක පද්ධතිය අද (28) පස්වරුවේදී විවෘත කළේය.

ඒ අනුව මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතුරින් විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපනය කළ 5වන ක්‍රීඩාංගණය බවට SSC ක්‍රීඩාංගණය අද ඉතිහාසයට එක්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ, සූරියවැව සහ රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණවල මීට පෙර විදුලි ආලෝක පද්ධති ස්ථාපනය කර ඇත.

SSC ක්‍රීඩාංගණයේ අභිනව ආලෝක පද්ධතිය LED තාක්ෂණය මත පදනම් වූ කුළුණු 6කින් සමන්විතය.

සමස්ත ක්‍රීඩාංගණය පුරා ඒකාකාර ආලෝකකරණයක් ලබාදීම සඳහා 'LED ලුමිනියර්' 630ක් (කුළුණු 3කට 100 වනසේ සහ කුළුණු 3කට 110 වන සේ) මේ සඳහා භාවිතා කර ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවශ්‍යතාවට සරිලන ලෙස දීප්තිය සහිත මෙම පද්ධතිය ක්‍රීඩකයින්, නිලධාරීන් සහ නරඹන්නන් සඳහා උසස් දෘශ්‍ය පැහැදිළිතාවක් ලබාදෙනු ඇත.

ඊට අමතරව නරඹන්නන්ට වැඩි ආශ්වාදයක් ගෙනඒමේ අරමුණින් දෘශ්‍යමය වශයෙන් වඩාත් ආකර්ෂණීය සිදුවීම් නිර්මාණය කිරීමට හැකි වර්ණ ආලෝකකරණ දර්ශන ඇතුළුව බහුවිධ මෙහෙයුම් ක්‍රම සක්‍රීය කළ හැකි වන නවීන ආලෝකකරණ පාලන පද්ධතියක්ද මෙහි ස්ථාපනය කර තිබීම විශේෂත්වයක්ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක්ම SSC ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලෝක කුසලාන සමාරම්භක තරගය වන පාකිස්තාන - නෙදර්ලන්ත තරගය ඇතුළුව මෙහි තරග 5ක් පැවැත්වීමට නියමිතය.

විදුලි ආලෝක පද්ධතිය විවෘත කිරීම පසු ප්‍රර්දර්ශනාත්මක ක්‍රිකට් තරගයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, SSC ක්‍රීඩා සමාජයේ සභාපති රංජිත් පණ්ඩිතගේ ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgx9Yx7NDbImeZfD9fChZftckdboslvQV71UNnfZWMvyegGsybiEi4W1urkzXkZC60-nPEnuKK5UgAnCyHTjURO09zeDqamxUEZo2O6dEH3VDcpJdHMj_vffWoet97pE-oXIZOrmH30VSqU1KxIbmTrdx2W5whCUlAMEYyIOxda3WO3gjONovgXxvwnaYwY/s1600/1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhd2EWrNSNgFyzLaDylwNedQOW4naw2kkJ2qVUqgaqrm0OFC_FZ42w5ibZ2u1KHjW7YSVx4nocge0T5qRf5ET77NXsf891jSaocfcpfAvbA4uQZF8B82BQruFdIUMb0rDwn8cNQcmrdbd0P_BOhwK-DZJ6EyVTuqdAyxEYgVaFYw7sO2Vk_O7M1RkSv0a0z/s1600/2.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihVO27gLzpP-vo5uxtivN1e0eaOw1stoj4l_ck2wn3yz3jBBwakIG1CkVp1HIU7pPNVi5LhKfHzEtmGQVWCK7pjSFoT0bR2TEdC3Rxlzy6qFtD1yGaGYqak91XgB5i1kiD-NbgCYcG65ek5iEK7InZKaQRfd5xN29ZFrr2t7t1f-hOXI6BSS0jRwpTbM3j/s1600/3.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaLeGSv1tMFLAbrdsHeCz4bH17Pwl-rm78HwXB6WvUMEi1jOpGltdEREo23AFoEBHqvAtD_hwt7MOic9UewbN39fbhmz8sA4vqBJtPATCTcCSgCIXml_-CXikhAZPLFc7wsOjkPFsXZ8GCVcleGRJGaDJzjCBNYZKV7J3jdFJYe0GxL5eY0j8ImATNdj5c/s1600/4.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGsc5BACjlBtFkS68MlwoaU7s2LSzXs31rMtbOfUoQkD8cJCGDpoEBr26O82fuRNrnxRSri-O5wpKhkshyphenhyphenpmuCI00Tz112-CQBHQUUsVYjgRHcKuDBmg35UmQuS1Au4nAMRr1nhRjt_xAJ0_xm5Z7gVWFejUEGpm2lwF4chJ3_3vLXfrblspoDiVVvSjdw/s1600/5.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට