header logo
Vallibel FD
විශේෂාංග
දිට්වා නිසා මෙරට මාර්ග පද්ධතියට සිදුවූ හානිය - අද දෙරණ විශේෂ අනාවරණය
Jan 22, 202603:23 PM
දිට්වා නිසා මෙරට මාර්ග පද්ධතියට සිදුවූ හානිය - අද දෙරණ විශේෂ අනාවරණය
Mobitel 1278

දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ග කොටස් 430ක් විනාශයට පත්ව ඇති අතර, එහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 300ක් පමණ වන බව ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේය.

පසුගිය සඳුදා ටීවි දෙරණ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එලෙස විනාශ වූ මාර්ගවලින් 98%ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට තාවකාලිකව යථා තත්ත්වයට පත්කර ඇති අතර, දෙල්තොට සහ ගලහා යන ප්‍රදේශයන්හි ස්ථාන දෙකක් පමණ තවමත් පිළිසකර කිරීමට ඉතිරිව ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, එම මාර්ගයන්ට ස්ථීර වශයෙන් ඉදිකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් රුපියල් කෝටි 12,000ක් වෙන්කර දී ඇතැයි ද සඳහන් කළේය.

මීට පෙර මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් කෝටි 35,000ක් පමණ අයවැය තුළින් වෙන් කර දී තිබූ බවත් ඒ අනුව සමස්තයක් ලෙස මාර්ග ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි 50,000ක් රජය විසින් වෙන්කර දී ඇතැයි ද අමාත්‍ය බිමල් රත්නායක මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව 2026 මාර්තු 31 වන දා වනවිට ඉදිකිරීමට නියමිත සියලු මාර්ගවල ඇස්තමේන්තු සකස් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

src=https://media.adaderanasinhala.lk/1769075622-1.jpg

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්වූ පාලම් මේ වනවිට තාවකාලිකව සකස් කර අවසන් බවත් එම පාලම් වසර දෙක තුනක කාලයක් පවත්වාගෙන යා හැකි වුවත් එම පාලම් ද ස්ථීර වශයෙන් ගොඩනැඟීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ අතර කඩුගන්නාව නගරයේ මංතීරු තුනක් ඉදිකිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිර්දේශ ලබාදී ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, විශාල කර මාර්ගය සකස් කිරීමට නියමිත බවද කියා සිටියේය.

සුළි කුණාටුව සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් පේරාදෙණියේ කළු පාලම විනාශ වී ඇති බැවින් අලුත් පාලමක් ඉදිකර මේ වසරේ අප්‍රේල් මස 14 වන දිනට පෙර මහනුවර දක්වා දුම්රිය ධාවනය සිදුකිරීමට අපේක්ෂා කරන බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මේ වසරේ ජනවාරි මාසයේ සිට මාස 18ක් හෝ 24ක් ඇතුළත කැඩුණු පාලම් සියල්ල තිබුණ තත්ත්වයට වඩා හොඳින් කල්පවතින ආකාරයට සකස් කිරීම රජයේ අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

"අපි දන්නවා ස්වභාවික ව්‍යසනයක දී පක්ෂ දේශපාලනය නොකර, ජනතාව එක්ක වැඩ කරන්න. එහෙම වැඩ කරාම තමා ජනතාව ඒ පක්ෂයට එකතු වෙන්නේ. එතන ගිහින් කෙහෙල්ගෙඩියේ නම ගහලා බෙදුවොත් ඡන්ද කැඩෙනවා. එතැන ගිහින් පොහොට්ටුවේ මනුස්සයාටත් උදව් කරලොත් තමා අවංකව මිනිස්සු හිතන්නේ අපිටත් මෙයාලා උදව් කරා කියලා. අපි සමත් වුණා බිම් මට්ටමේ යාන්ත්‍රණය යොදාගෙන රජයේ නිලධාරියා, ත්‍රිවිධ හමුදාව සහ ආණ්ඩුව කියන තුනම එකතු කරලා අපි සාර්ථකත්වය අත්පත් කරගෙන තියෙන්නේ."

අප්‍රේල් 14ට පෙර මහනුවර දුම්රිය ධාවනය යථාතත්ත්වයට

"පේරාදෙණිය - මහනුවර ද්විමාර්ගික නව දුම්රිය පාලමක්"

දිට්වා සුළි කුණාටුවත් සමඟ විනාශයට පත් වූ පේරාදෙණිය - මහනුවර දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත් කරන බව ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

වර්තමානය වනවිට පේරාදෙණිය හරහා නුවර බලා දුම්රිය ධාවනය සිදුනොවන හෙයින් අප්‍රේල් 14ට පෙර කළු පාලම සකස්කර නුවර දුම්රිය ධාවනය සඳහා සකස් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

src=https://media.adaderanasinhala.lk/1769075691-2.jpg

පේරාදෙණිය නුවර ද්වි මාර්ගික නව දුම්රිය පාලමක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවද මෙම වසරේ ජනවාරි මස සිට මාස 18ක් 24ක් තුළ කැඩුණු පාලම් නැවත කල් පවතින ලෙස සකස් කරන බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරටට බලපෑ දිට්වා සුළි සුළඟ සමඟ ඇති වූ නායයෑම් තත්ත්වය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් උලපනේ සහ ගම්පොළ දුම්රිය ස්ථාන දෙක අතර එකම ස්ථානයක දුම්රියක් නතර කර තිබුණි.

පසුගිය නොවැම්බර් මස 27 වැනිදා පස්වරු 2.07ට අංක 1153 එන්ජිම දරන 'පාසල් දුම්රිය' ලෙස ප්‍රසිද්ධ මෙම දුම්රිය සුපුරුදු ලෙස ගමන් ආරම්භ කළේ, මහනුවර සිට නාවලපිටිය බලා ගමන් කිරීමේ අරමුණෙනි.

කෙසේ වෙතත් එයට එදින සිය ගමනාන්තය දක්වා ළඟාවීමට නොහැකි වූයේ ගම්පොළ තැඹිලිගල සහ උලපනේ අතර වරකාපිටිය උපදුම්රිය පොළ ආසන්නයේදී දුම්රිය මාර්ගය ස්ථාන දෙකකින් නායගොස් තිබීම හේතුවෙනි.

දිට්වා අහිමි කළ ජීවිත

පසුගිය වසරේ නොවැම්බර් මස 27 සහ 28 යන දෙදින තුළ මෙරට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් දිස්ත්‍රික්ක 25ටම බලපෑම් එල්ල වුණි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින නිකුත් කළ වාර්තාවන්ට අනුව දිස්ත්‍රික්ක 25 තුළ පවුල් 103,457කට අයත් පුද්ගලයින් 355,446 දෙනෙකු පීඩාවට පත්වුණි.

සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් දෙසැම්බර් 31 වනදා වනවිට ජීවිත 644ක් අහිමි වූ අතර, 175 දෙනෙකු අතුරුදන්ව තිබුණි.

එහිදී නිවාස 6,097ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, 112,790කට අර්ධ හානි සිදුවුණි.

වැඩිම නාය අනතුරු මධ්‍යමට

'දිට්වා' සුළි කුණාටුවෙන් පසු චන්ද්‍රිකා දත්ත ඔස්සේ සිදුකළ පරීක්ෂණ මඟින් නායයෑම් 4,800ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරී මිගහකොටුව මහත්මිය පැවසීය.

සිතියම් විශ්ලේෂණය කිරීමෙන් මාධ්‍ය මඟින් මෙතෙක් වාර්තා කර ඇති නායයෑම් සංඛ්‍යාවට වඩා ඉතා විශාල ප්‍රමාණයක නායයෑම් ප්‍රමාණයක් හඳුනාගත හැකි වූ බවත් ඇය සඳහන් කළාය.

එහිදී අනාවරණය වී තිබුණේ, වැඩිපුරම නායයෑම් සිදුව තිබුණේ මධ්‍යම කඳුකරයේ බවය.

මේ තත්ත්වය තුළ මධ්‍යම පළාතේ මාර්ග පද්ධතියට විශාල වශයෙන් බලපෑම් එල්ල වී තිබුණු අතර, තවමත් ඇතැම් ස්ථානයන් වෙත ළඟාවීමට ඇති අපහසුතාවය හේතුවෙන් එය යථා තත්ත්වයට පත්කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.

යළි ගොඩනැඟෙන ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත් අතරින් එකක් වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට රජය පියවර ගනු ලැබීය.

එම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවා ඇති අතර, එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන්ගෙන් සමන්විතය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.

කෙසේ වෙතත් අද (22) දිනය වනවිට එහි රු 5,842,000,000ක මුදලක් එකතු වී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්