ඉන්දුනීසියානු ගුවන් යානයක් අතුරුදන් 

ඉන්දුනීසියානු ගුවන් යානයක් අතුරුදන් 

January 17, 2026   05:16 pm

ඉන්දුනීසියාවේ ATR 42-500 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයින් 11 දෙනෙකු සමඟ අතුරුදන්වී ඇති බවට එරට  මාධ්‍ය වාර්තා පවසයි.

මැකස්සාර් (Makassar) නගරයට ආසන්න ප්‍රදේශයකදී මෙම යානය අතුරුදහන්ව ඇති බවට සැක පළ කෙරේ. 

අතුරුදන්ව ඇති බව කියන අදාළ යානය ඉන්දුනීසියානු සමුද්‍ර කටයුතු සහ ධීවර අමාත්‍යාංශයට අයත් බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.