විවෘත විශ්වවිද්‍යාලයේ පුත්තලම අධ්‍යාපන මධ්‍යස්ථානයේ ගැටලු අගමැතිනියගේ අවධානයට

විවෘත විශ්වවිද්‍යාලයේ පුත්තලම අධ්‍යාපන මධ්‍යස්ථානයේ ගැටලු අගමැතිනියගේ අවධානයට

January 17, 2026   04:51 pm

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පුත්තලම අධ්‍යාපන මධ්‍යස්ථානයේ ගැටලු අග්‍රාමාත්‍ය ආචාර්ය  හරිනි අමරසූරිය මෙනෙවියගේ අවධානයට ලක්ව තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුත්තලම් දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම හා 'දිට්වා' සුළිකුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල් නිරීක්ෂණය කිරීම අතරතුර  අග්‍රාමාත්‍යවරිය  පුත්තලම අධ්‍යාපන මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. 

මේ වනවිට විවෘත විශ්වවිද්‍යාලයේ පුත්තලම අධ්‍යාපන මධ්‍යස්ථානය පවත්වාගෙන යන පැරණි ඖෂධ ගබඩාවකට අයත් ගොඩනැගිල්ල වෙනුවට ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා කර තිබේ.

ඒ වන තෙක් පරිපාලන සහ අධ්‍යයන කටයුතු සිදු කිරීමට සුදුසු තාවකාලික ගොඩනැගිල්ලක් ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කර ඇති අතර ඒ සදහා නගර සභාවට අයත් ගොඩනැගිල්ලක් තාවකාලිකව ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවට  එහිදි පුත්තලම නගරාධිපති රින්ෂාඩ් අහමඩ් මහතා එකඟතාව පළ කර ඇති බව සඳහන්ය.