නව වසරේ ගතවූ දින 13ට රිය අනතුරු 77ක් - මරණ 82ක්
January 14, 2026 12:30 pm
වසරේ ගතවූ දින 13 තුළ මාරක අනතුරු 77කින් පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.
පසුගිය දින කිහිපයේ මෙරටින් මාරක අනතුරු රැසක් වාර්තා වූ පසුබිමක, අද දෙරණ BIG FOCUS වැඩසටහන සමඟ අද (13) එක්වෙමින් රථ වාහන නීතිය හා මාර්ග ආරක්ෂාව පිළිබඳව අදහස් දක්වමින් සේනාධීර මහතා මේ බව අනාවරණය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, සිදුව ඇති අනතුරුවලින් බහුතරයක් බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදුව ඇති බවය.
