මැල්සිරිපුරදී මාරක අනතුරක්

මැල්සිරිපුරදී මාරක අනතුරක්

January 11, 2026   04:03 pm

මැල්සිරිපුර නාබැට ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටී පසුව ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි තවත් ලොරි රථයක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති වාර්තා වේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථවල රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මැල්සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.