header logo
Vallibel FD
උණුසුම් පුවත්
වෙනිසියුලාව ව්‍යාපාර සඳහා විවෘත බව ට්‍රම්ප් කියයි
Jan 10, 202602:42 PM
වෙනිසියුලාව ව්‍යාපාර සඳහා විවෘත බව ට්‍රම්ප් කියයි
Mobitel 1278

දෙපාර්ශ්වය අතර සබඳතා වර්ධනය වෙමින් පවතින බැවින්, වෙනිසියුලාවට දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම අවලංගු කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මේ අතර ජනපති ට්‍රම්ප් ඊයේ අමෙරිකානු තෙල් සමාගම්වල නියෝජිතයින් හමුවී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ වෙනිසියුලාව ව්‍යාපාර සදහා විවෘත බවය.

වෙනිසියුලාව මේ වන විට අමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බැවින් වෙනිසියුලාවට දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමක් සිදුනොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර සිටී.

සිය ටෘෘත් සොෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ වෙනිසියුලාව මේ වන විට සාමය ළඟා කරගැනීමේ පියවරක් ලෙස දේශපාලන සිරකරුවන් විශාල පිරිසක් නිදහස් කරමින් සිටින අතර එය ඉතා වැදගත් සහ යහපත් සංඥාවක් බවය.

ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කරන්නේ වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ යෝජනාවක් අමෙරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ පෙරේදා සම්මත වූ පසුබිමකය.

එමෙන්ම මහා පරිමාණ තෙල් සමාගම් වෙනිසියුලාව තුළ ඩොලර් බිලියන 100ක පමණ ආයෝජන සිදුකරනු ඇති බව ට්‍රම්ප් පවසා ඇත්තේ අමෙරිකානු නෞකා එම කළාපය තුළ තවදුරටත් ස්ථාන ගත කරන බව පවසමිනි.

මේ අතර ජනපති ට්‍රම්ප් ඊයේ අමෙරිකානු තෙල් සමාගම්වල නියෝජිතයින් හමුවී තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ වෙනිසියුලාව ව්‍යාපාර සදහා විවෘත බවය.

එම අවස්ථාවට සහභාගී වූ තෙල් සමාගම් ප්‍රධානීන් වෙනිසියුලාව තුළ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මේ වන විට පවතින නීතිමය සහ අනෙකුත් බාධක පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇත.

මෙවන් පසුබිමක වෙනිසියුලානු තෙල් ප්‍රවාහනයට යොදාගත් තවත් නෞකාවක් අමෙරිකානු හමුදා කැරිබියන් මුහුදේදී ඊයේ සිය භාරයට ගෙන තිබේ.

ඔලීනා නම් එම නෞකාව මෙලෙස අමෙරිකානු හමුදා භාරයට ගත් පස්වැනි ඉන්ධන ප්‍රවාහන නෞකාවය.

මේ අතර වෙනිසියුලානු රජය, රඳවාගෙන සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ආරම්භ කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පළමු අදියර යටතේ ස්පාඤ්ඤ ජාතිකයින් ද ඇතුළුව පුද්ගලයින් නව දෙනෙකු නිදහස් කර ඇති බවය.

ඒ අතර පසුගිය ජනාධිපතිවරණයේදී එරට විපක්ෂ අපේක්ෂකයාට සහාය දැක්වූ ප්‍රධාන පෙළේ පිරිසක් ද වේ.

මේ අතර වෙනිසියුලාවේ වත්මන් අන්තර්වාර ජනාධිපතිනී ඩෙල්සි රොද්‍රිගස් ඊයේ පවසා ඇත්තේ අමෙරිකාව සහ වෙනිසියුලාව තුළ දෙරටේ තානාපති කාර්යාල යළි ඇරඹීමේ හැකියාවන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

ඔක්තෝබර් - නොවැම්බර් 'එල් නිනෝ' ඉතා ප්‍රබල වෙන බවට රතු එළි...

 පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

පුටු නඩුවට අත්අඩංගුවට ගත් ජොනීට ඇප... රු. ලක්ෂ 79ක් රජයට පාඩු කළැයි චෝදනා

 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්