එංගලන්තයේ කාලගුණය දරුණු අතට
සයුරෙන් එතෙර

එංගලන්තයේ කාලගුණය දරුණු අතට

January 9, 2026   04:52 pm

එංගලන්තයට බලපා ඇති හිම කුණාටු තත්ත්වය හේතුවෙන් එරට නිවාස 57,000කට පමණ විදුලිය බිඳ වැටීම් වාර්තා වී තිබේ.

විදුලි සැපයුම් යථා තත්ත්වයට පත් කිරීම සදහා නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර කුණාටු තත්ත්වය හේතුවෙන් එම කටයුතු මන්දගාමී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම එම කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ගමනාගමන කටයුතු ද සීමා කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ගුවන් ගමන් ද 50කට වැඩි ප්‍රමාණයක් අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර ඇති අතර අධික හිම පතනය හේතුවෙන් ගුවන් ධාවන පථද වසා දැමීමට පියවර ගෙන ඇත.