නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කෙරේ
January 10, 2026 06:43 pm
නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
දිස්ත්රික්ක කිහිපයක් සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර එම නිවේදනය අද (10) පස්වරු 4.00 සිට හෙට (11) පස්වරු 04.00 දක්වා ක්රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ බදුල්ල, හාලිඇළ, පස්සර, ලුණුගල, වැලිමඩ, මීගහකිවුල, කන්දකැටිය, ඌව පරණගම, මාතලේ දිස්ත්රික්කයේ අඹන්ගඟ කෝරළය, උකුවෙල, ලග්ගල පල්ලේගම, රත්තොට, විල්ගමුව, මහනුවර දිස්ත්රික්කයේ මිණිපේ, උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්රික්කයේ නිල්දණ්ඩාහේන, වලපනේ, මතුරට, හඟුරක්කෙත යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
