පාකිස්තානයට ලකුණු 129ක ඉලක්කයක්
January 7, 2026 08:39 pm
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (7) පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 19.2කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128ක් පමණි.
ඒ අනුව තරග 3කින් යුත් මෙම තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබාගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 129ක ඉලක්කයක් හිමිවිය.
ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ එම සැලසිලිදායක ඉනිම මැදපෙළ පිතිකරු ජනිත් ලියනගේ විසින් ගොඩනැගූ අතර, ඔහු පන්දු 31කින් ලකුණු 40ක් රැස් කළේය.
ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 2ක් ඇතුළත් විය.
ඒ හැරෙන්න චරිත් අසංලක හා වනිඳු හසරංග ලකුණු 18ක් බැගින් රැස්කකළහ.
පාකිස්තානය වෙනුවෙන් සල්මාන් මිර්සා (3/18) හා අබ්රාර් අහ්මඩ් (3/25) කඩුලු 3 බැගින් දවගත්හ.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක සල්මාන් අගා පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
අද තරගය සඳහා හිටපු නායක චරිත් අසලංක මෙන්ම ධනංජය ද සිල්වා කැඳවා තිබිණි.
ධනංජය මෙලෙස ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට පැමිණ ඇත්තේ 2014 වසරේ ජූනි මස විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වීම සුවිශේෂීය.
