ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
January 6, 2026 02:16 pm
ගාල්ල ප්‍රදේශයට අද (06) ඇදහැලුණු වර්ෂාපතනය හේතුවෙන් එම නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි.
අප වාර්තාකරු පවසා සිටියේ, ගාල්ල - වක්වැල්ල මාර්ගය ගාල්ල පොලිස් ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇති බවය.
මේ අතර ගාල්ල පොලීසිය පවසන්නේ, ගාල්ල - වක්වැල්ල මාර්ගයේ ගමනා ගමනයටද බාධා එල්ල වී ඇති බවය.
ගාල්ල ප්‍රදේශයට තවමත් වාර්ෂාව ලැබෙමින් පවතින බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.
