බිඳවැටුණු ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත්
January 3, 2026 07:18 pm
දෙහිවල ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ රැසකට බිදවැටී ඇති ජල සැපයුම අද මධ්‍යම රාත්‍රීය පමණ වන විට යථා තත්ත්වයට පත් වනු ඇති බව ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.
එහි සභාපති චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ බිද වැටුනු නලයේ අලුත්වැඩියා කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවය.
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ ජල නලයක් බත්තරමුල්ල, කොස්වත්ත පයිප්ප පාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි පුපුරා යාමෙන් මොරටුව, ගල්ස්කිස්ස, කොළොන්නාව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව යන ප්‍රදේශවලට හදිසි ජල කප්පාදුවක් සිදුව තිබුණි.
හානියට පත් වූ ජල නලය වසර 60ක් පමණ පැරණි නලයක් බව ද වාර්තා වේ.
