සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි

January 5, 2026   04:55 pm

මාවතගම ප්‍රදේශයේ දී කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරමින් තුවාල සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් පිලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ඉහත අපරාධය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 10 වනදා මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මාවතගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරුගේ විස්තර

නම :- අබේසිංහ දොන් මංගල පුෂ්පකුමාර අබේසිංහ
ලිපිනය :- වැද්දාගල උතුර, වැද්දාගල, කලවාන
ජා.හැ.අංකය :- 810532394V

මෙම සැකකරුට රන්තපුර හා කලවාන මහෙස්ත්‍රාත් අධිකරණ මඟින් වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන් වේ.

සැකකරුගේ ඡායාරූප පහතින් දැක්වේ.

සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකතන අංක, 

ස්ථානාධිපති, පොලිස් ස්ථානය මාවතගම - 0718 591 258
පොලිස් ස්ථානය, මාවතගම - 0372 299 222