දූෂිත ජලය පානය කිරීමෙන්  ඉන්දියාවේ 09දෙනෙකු මරුට

දූෂිත ජලය පානය කිරීමෙන් ඉන්දියාවේ 09දෙනෙකු මරුට

January 2, 2026   04:21 pm

ඉන්දියාවේ ඉන්දෝර් නගරයේ දූෂිත ජලය පානය කිරීම හේතුවෙන් පුද්ගලයින් 09දෙනෙකු මියගොස් තවත් 200දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ඉන්දෝර්හි භගිරත්පූර් ප්‍රදේශයේ ජලය නිකුත් කරනු ලබන ජල මාර්ගයක ජල කන්දුවීමක් හේතුවෙන් එම ජලයේ බැක්ටීරියා පවතින බවට පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් මියගිය පුද්ගලයින් රැදී සිටි ප්‍රදේශවල ජල සාම්පල මේ වනවිට රැගෙන පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම අදාළ ප්‍රදේශයේ පුද්ගලයින් 8,571දෙනෙකු සෞඛ්‍ය බලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදි සුළු රෝගී ලක්ෂණ සහිත පුද්ගලයින් 338දෙනෙකු හඳුනාගෙන ඇත.