මධ්‍යම අප්‍රිකාවේ අභියෝගාත්මක මෙහෙයුමක නිරත ලංකාවේ ගුවන් නියමුවෝ

මධ්‍යම අප්‍රිකාවේ අභියෝගාත්මක මෙහෙයුමක නිරත ලංකාවේ ගුවන් නියමුවෝ

January 2, 2026   05:06 pm

ශ්‍රී ලංකා ගුවන් හමුදා සාම සාධක ගුවන් අනු ඛණ්ඩය විසින් මධ්‍යම අප්‍රිකානු රජයේ අභියෝගාත්මක මෙහෙයුමකදී අප්‍රිකානු සෙබළුන් 14දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ කණ්ඩායමක් Mi-17 හෙලිකොප්ටරයක් මඟින්, පසුගිය දෙසැම්බර් 31 වනදා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ  Obo ප්‍රදේශයේ සිට මධ්‍යම අප්‍රිකානු AAKG ආයුධ සන්නද්ධ කණ්ඩායමේ දැඩි තර්ජන එල්ලවී ඇති ප්‍රදේශයක් වන Bambouti  ප්‍රදේශයේ ස්ථාපිත තාවකාලික මෙහෙයුම් කඳවුරක්  (TOB) වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කර තිබේ.
 
එහිදී හෙලිකොප්ටර් යානය ගොඩ බෑම සිදුකළ අවස්ථාවේදී AAKG ආයුධ සන්නද්ධ කණ්ඩායමෙන් මෙම කඳවුරට  (TOB) සහ හෙලිකොප්ටර් යානයට එල්ල වූ ක්ෂණික තර්ජනය හේතුවෙන් කඳවුරේ ආරක්ෂාව යටතේ සිටි මධ්‍යම අප්‍රිකානු සොල්දාදුවන්  දහහතර දෙනෙකුද නිරුපද්‍රිතව බේරාගෙන  Obo ප්‍රදේශයට ආරක්ෂිතව රැගෙනවිත් ඇත.

මෙම මෙහෙයුමේදි විංග් කමාන්ඩර් නුරාන් පෙරේරා ප්‍රධාන නියමු නිළධාරී ලෙසත්, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ෂෆ්රිඩ් ඉක්බාල් සහායක නියමු නිළධාරී ලෙසත්, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ප්‍රවීන් රත්නායක පියාසර ඉංජිනේරු නිලධාරී ලෙස, සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ක්‍රියාකාරීව සහභාගී වී තිබේ.