කොළඹ අයවැයට පක්ෂ වූ බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
December 31, 2025 04:15 pm
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් කොළඹ මහනගර සභා මන්ත්‍රී සොහාරා බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
ඊට හේතුවී ඇත්තේ, ඇය කොළඹ මහනගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමය.
පක්ෂ නායක රවුෆ් හකීම් විසින් සිය පක්ෂයේ සාමාජිකයන්ට අයවැයට විරුද්ධවන ලෙස පෞද්ගලිකව උපදෙස් දී තිබියදීත්, බුහාරි කොළඹ මහනගර සභා අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය දුන් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර් විසින් නිකුත් කරන ලද ලිපියක සඳහන් වේ.
මුස්ලිම් කොංග්‍රසය ඇයගේ හැසිරීම “පක්ෂ විනය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්” ලෙස සඳහන් කර ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු පැහැදිලි කරමින් සතියක් ඇතුළත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස එම ලිපියෙන් බුහාරිට නියෝග කර ඇත.
සිය මතයට අනුකූලවීමට අපොහොසත් වීම හේතුවෙන් දැනුම්දීමකින් තොරව තවදුරටත් විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවටද මුස්ලිම් කොංග්‍රසය විසින් අනතුරු අඟවා තිබේ.
