විදේශීය දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

විදේශීය දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

December 31, 2025   05:02 pm

විදේශීය දුම්වැටි 16,000 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා පොලීස් විශේෂ කාර්යය බලකාය එක්ව පසුගිය 25 වනදා සහ 29 වනදා කොළඹ වරායේ සහ රාගම පේරලන්ද ප්‍රදේශයේදී සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින් සිදුකළ වැටලීම් වලදී මෙම  විදේශීය දුම්වැටි තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය මඟින් කොළඹ වරාය පොලීසිය හා එක්ව කොළඹ වරායේ සිදුකල මෙහෙයුමකදී නිති විරෝධි ලෙස අළෙවි කිරීමට සූදානම් කල විදේශීය දුම්වැටි දහසක පමණ ප්‍රමාණයක් සමඟ එක් සැකකරුවෙකුද, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනය, ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව රාගම පේරලන්ද ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා සිටි විදේශීය දුම්වැටි පහලොස් දහසක  තොගයක් සමඟ එක් සැකකරුවෙකුද වශයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 54 ක් සහ 65 ක් වන බෙලිඅත්ත සහ රාගම ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හඳනාගෙන ඇත.

එම සැකකරුවන් සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලීසය වෙත සහ රාගම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබේ.