නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක යළි ක්‍රියාත්මක කිරීම ජනවාරියේ
December 30, 2025 06:20 pm
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අලුත්වැඩියා කටයුතු සිදුකෙරන ජනන යන්ත්‍ර 2ක ජනවාරි මස 14 වනදා සහ ජනවාරි 18 වනදා ජාතික විදුලිබල පද්ධතිය හා එක් කිරීමට නියමිතව තිබේ.
විදුලි බල මණ්ඩල නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.
එම නිවේදනයේ දැක්වෙන්නේ, අංක 2 ‘B’ ජනන යන්ත්‍රය 2026 ජනවාරි මස 14 වන දින ජාතික විදුලිබල පද්ධතිය හා එක් කිරීමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතික බවය.
වර්තමානය වන විට අදාළ ජනක යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් අදියරෙහි පවතින අතර එහි නියමිත තත්ත්ව පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට එක් කරන බව විදුලි බල මණ්ඩල සඳහන් කරයි.
මේ අතර ජනක යන්ත්‍ර අංක 1 ට අයත් බොයිලේරුවේ හදිසියේ ඇතිවූ දෝෂයක් නිසා එම යන්ත්‍රයද, 2025 දෙසැම්බර් මස 20 දින ආරක්ෂිතව නවතා දැමීමට සිදුවිය.
දැනට, එහි වූ දෝෂයන් නිවැරදි කිරීමේ නඩත්තු කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින අතර එම යන්ත්‍රයද යථාවත් කර 2026 ජනවාරි මස 18 පමණ වන විට ජාතික පද්ධතිය හා එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය බලාපොරොත්තුව බව සඳහන්ය.
කෙසේ වුවද අඛණ්ඩව විදුලිය සැපයීමට එය බාධාවක් නොවන බව දන්වා සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
