චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක්

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක්

December 30, 2025   04:55 pm

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියනයක සහනාධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ඒ බව අද නිවේදනය කර ඇත.

මෙම සහනාධාරය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවට අයත් ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් ලබාදීමට නියමිතය.

මෙම තීරණය සම්බන්ධයෙන් X ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ජනතාවට චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළ කරන “ආදරය සහ සැලකිල්ල” මෙය මගින් ප්‍රකාශ වන බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත.