මාරක අනතුරු කිහිපයක් - සිව්දෙනෙක් මරුට

මාරක අනතුරු කිහිපයක් - සිව්දෙනෙක් මරුට

December 21, 2025   06:25 am

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (20) මෙම අනතුර සිදුව තිබුණේ, යාපනය, දිඹුලපතන සහ තිස්සමහාරාමය යන පොලිස් වසම්වලදීය.

හැටන් - නුවරඑළිය මාර්ගයේ පතන හන්දිය ආසන්නයේදී ලොරි රථයක් රියදුරුට රථය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක ගැටී ඇදී ගොස් පදිකයින් දෙදෙනෙකුගේද ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයින් දෙදෙනා කොටගල රෝහලට ඇතුළත් කිරීමේදී එක් පදිකයෙකු මියගොස් ඇති අතර අනෙක් පදිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් අත්තේ, ලිදුල හා පතන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 21 හා 60 යන වයස්වල පසුවූ පුද්ගලයින් දෙදෙනෙකි.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ හා බස් රථයේ රියදුරන් දෙදෙනො අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර යාපනය, වඩුක්කෝට්ටේ මාර්ගයේ පොම්මාවලි ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකාරියට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි  ට්‍රැක්ටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් පැදිකාරිය හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකාරිය මියගොස් තිබේ. 

එලෙස මියගොස් ඇත්තේ, වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි  කාන්තාවකි.

මේ අතර තිස්සමහාරාම - දෙබරවැව මාර්ගයේ මැදවැලන ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.