නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

December 21, 2025   08:42 am

විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන විත් එම දුම්වැටි කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු අද (21) අලුයම ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල, ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

සැකකරු විසින් රැගෙන ආ ගමන් මල්ලක සහ පෙට්ටි 03ක් තුළ විදේශීය නිශ්පාදිත ප්ලැට්නම් වර්ගයේ දුම්වැටි 42,000ක් අඩංගු දුම්වැටි කාටුන් 210ක් සඟවා මෙලෙස රැගෙන විත් තිබුණි.

එම දුම්වැටි තොගය ගුවන් තොටුපොළ නිලධාරීන් භාරයට ගෙන ඇති අතර දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හැට තුන් ලක්ෂයකට ආසන්න බවත් නිලධාරීන් සඳහන් කළේය.

සැකකරු මේ වන විට ඇප මත මුදා හැර ඇති අතර එළැඹෙන ජනවාරි මස 07 වැනි දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.