ආපදාවෙන් රට මුදාගැනීමට තවත් රුපියල් බිලියන 500ක් අවශ්‍ය බවට ප්‍රකාශක්
December 17, 2025 07:02 am
ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල් බිලියන 500ක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසයි.
ඔහු පවසන්නේ මේ සඳහා ආණ්ඩුව සතුව ප්‍රමාණවත් මුදල් සංචිතයක් පවතින බවය.
"රු බිලියන 1,400ක් අපි වෙන්කරලා තියෙනවා එන අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් හැටියට. පාරවල් හදන්න, ඉස්පිරිතාල හදන්න වගේ දේවල්වලට. මේ සුළි කුණාටුව නිසා වෙච්ච හානියට නැවත වෙන්කිරීමක් කරන්න මුදල් තියෙනවා. මම විශ්වාස කරන්නේ නෑ ආපහු මුදල් ඕන කියලා. හැබැයි එදිනෙදා වියදම් තියෙනවා නේ ගෙවල් සුද්ද කරන්න වගේ දේවල්වලට ඒකට රු බිලියන 500ක් විතර වැඩිපුර වියදම් වෙනවා. ඒක දරාගන්න පුළුවන්. IMF එකේ කොන්දේසියක් තියෙනවා 13%යි අපිට වියදම් කරන්න පුළුවන් කියලා ප්‍රාථමික වියදම හැටියට. නමුත් අපිට මේ ප්රශ්නය නිසා අපිට යම්කිසි නිදහසක් තියෙනවා ඊට වඩා වියදම් කරන්න. අනිත් එක තමා රු ට්‍රිලියනයකට වඩා බැංකුවේ තියෙනවා ආණ්ඩුවේ."
'Rebuilding Sri Lanka' අරමුදල ව්‍යාවස්ථාපත අරමුදලක් බවට පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ යුතු බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.
"ඒ අරමුදල ව්‍යවස්ථාපිත අරමුදක් වෙන්න ඕනේ. එහෙම නැතුව හෙල්පින් හම්බන්තොට වගේ අරමුදල් හදන්න බෑ. එහෙම දෙයක් හදන්න පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක සම්මත කරගන්න ඕනේ. තාම එහෙම කරලා නෑ. 'Rebuilding Sri Lanka'අරමුදල වහාම ආරම්භ කළ යුතුයි පාර්ලිමේන්තුව හරහා. හැබැයි මේක හරියට විනිවිඳභාවයකින් කරන්න ඕනේ. රජය විතරක් මේ සියලුදේ කරන්න ඕනේ නෑ කියන එක මගේ මතය. රජයට සහ පෞද්ගලික අංශයටයි දෙකම කරන්න පුළුවන්. පෞද්ගලික අංශයට කරන්න දෙන්න ඕනේ. එහෙම බැරි දේවල් රජය කරන්න ඕනේ."
