සයුරෙන් එතෙර
බංග්ලාදේශය ගැන අමෙරිකාවෙන් රතු එළියක්
December 17, 2025 10:06 am
බංග්ලාදේශයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අමෙරිකානු පුරවැසියන් වෙත ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
බංග්ලාදේශයේ සිටින අමෙරිකානු පුරවැසියන්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ඉන් දැනුම්දී ඇත.
ගැටුම්කාරී සහ ප්‍රචණ්ඩත්වයට හේතු වියහැකි පෙළපාලිවලට සහභාගීවීමෙන් වැළකී සිටින ලෙසත් තානාපති කාර්යාලය සිය පුරවැසියන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
2026 පෙබරවාරි 12 වන දින බංග්ලාදේශයේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය සහ ජාතික ජනමත විචාරණයක් පැවැත්වීමට නියමිත බැවින් දේශපාලන රැලි සහ පෙළපාලි නිතර සිදුවිය හැකි බවද අදාළ අනතුරු ඇඟවීමේ සඳහන් වෙයි.
