හෙරොයින් සමග පුද්ගලයෙක් ගුවන්තොටේදී අල්ලයි

හෙරොයින් සමග පුද්ගලයෙක් ගුවන්තොටේදී අල්ලයි

December 14, 2025   07:11 am

හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රැම් 300ක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැලේසියාවේ සිට මෙරටට පැමිණි අයෙකු බව සඳහන්ය.