Rebuilding Sri Lanka අරමුදලේ වටිනාකම රුපියල් බිලියන 3.4 ඉක්මවයි
December 14, 2025 09:06 am
ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් ආරම්භ කරන ලද Rebuilding Sri Lanka අරමුදලට මේ වන විට රුපියල් මිලියන 3,421ක් ඉක්මවා ගොස් ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.
හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවේ මෙම අරමුදල සඳහා දේශීය ව්‍යාපාරිකයින්, විදෙස් ගත ශ්‍රි ලාංකිකයින්, විදේශීය ආයතන මේ සඳහා දායකත්වය දක්වා ඇති බවය.
ඒ අනුව මේ වන විට ලැබී ඇති සමස්ත මුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 3.4ක ප්‍රමාණයක් වන අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 11කට අධික බවත් හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේය.
ඉන් විදෙස් මුදල්වල වටිනාකම රුපියල් මිලියන 4.1ක් බවද ඔහු මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා,
"විවිධ රටවල් 40කි ශ්‍රී ලංකාවට මේ ව්‍යවසනයට ශ්‍රී ලංකාවට මුදලින් ආධාර ලබා දී තිබෙනවා. ඒ අනුව වැඩිම මුදල් ප්‍රමාණය අමෙරිකා එක්සත් ජනපදය එහෙමත් උතුරු ඇමරිකාව තුළින් ලැබී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන්, ව්‍යාපාරිකයින් සහ ශ්‍රී ලංකාවට සහය දක්වන පිරිස විශාල මුදල් ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. තුන්වැනි ස්ථානයේ එංගලන්තයෙන් ලැබුණු මුදල් ඒ වගේම ජර්මනියෙන්, ඉතාලියෙන්, මාලදිවයිනෙන්, සෞදි අරාබියෙන්, ප්‍රංශයෙන්, කොරියාවෙන්, එකසත් අරාබි එමීර් රාජ්‍යයෙන් යානදී වශයෙන් ලැබිලා තියෙනවා ඒ වගේම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් සහ ව්‍යාපාර ආයතනයන් ලබා දුන් මුදල් ප්‍රතිපාදන දෙස බලනවිට අපිට පේනවා රුපියල් මිලියන 100ට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ව්‍යාපාර ආයතන කිහිපයක්ම සිදුකර තිබෙනවා. ඒ වගේම රුපියල් මිලියන 20 - 100 අතර ප්‍රධානයන් 4ක් ව්‍යාපාරික ප්‍රජාව සහ පුරවැසියන් විසින් ලබා දී තිබෙනවා."
