විදෙස් රටක නිෂ්පාදිත  රිවෝල්වරයක් සොයාගනී

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සොයාගනී

December 14, 2025   04:04 pm

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් ඒකල ප්‍රදේශයේ මාර්ගයක සඟවා තිබියදී ජාඇල පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

ඒකල පන්සල පාරේ මෙය සඟවා තිබී ඇති අතර, එය ඉටි කවරයකින් ඔතා තිබූ බව පොලීසිය පවසයි.

අදාළ රිවෝල්වරය ක්‍රියාකාරී මට්ටමේ පවතින අතර, එය කිසියම් අපරාධයක් සඳහා භාවිත කිරීමට තවත් පුද්ගලයකුට රැගෙන යාම සඳහා මෙම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි. 

පොලිස් භාරයට ගත් රිවෝල්වරයේ හිමිකාරීත්වය හා එයින් සිදුකිරීමට උත්සහ කළ අපරාධය කුමක් ද යන්න සම්බන්ධයෙන් ජා-ඇල පොලිස් ස්ථානය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.