යොවුන් ලෝක කුසලානයට යන ඔස්ට්‍රේලියානු සංචිතයට  ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙදෙනෙක්

යොවුන් ලෝක කුසලානයට යන ඔස්ට්‍රේලියානු සංචිතයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙදෙනෙක්

December 11, 2025   03:19 pm

ලබන වසරේ පැවැත්වෙන ICC වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කළ  ඔස්ට්‍රේලියානු සංචිතයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයින් දෙදෙනෙකු නම් කර තිබේ.

පර්ත්හිදී පැවැති වයස 19න් පහළ ජාතික ශූරතාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ නිටේෂ් සැමුවෙල් සහ නාදන් කුරේ මෙලෙස නම් කර ඇත.

ඔවුන්ගෙන් නිටේෂ් එම තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා බවට පත්ව තරගාවලියේ වීරයා සම්මානයද දිනාගැනීමට සමත්ව තිබේ.

එහිදී සැමුවෙල් ලකුණු 364ක් රැස්කර ඇති අතර, එහි ඉනිමක සාමාන්‍ය දැක්වෙන්නේ ලකුණු 91ක් ලෙසය.

නැමේබියාවේ හා සිම්බාබ්වේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන එළැඹෙන යොවුන් ලෝක කුසාලනය ජනවාරි 15 සිට පෙබරවාරි 6 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කණ්ඩායම් 16කින් සමන්විත තරගාවලියේ මූලික වටයේදී ඔස්ට්‍රේලියාව 'C' කාණ්ඩයෙන් ක්‍රීඩාකරන අතර, එහිදී ඔවුන් අයර්ලන්තය, ජපානය සහ ශ්‍රී ලංකාව සමගින් ක්‍රීඩාකිරීමට නියමිතය.

මේ අතර ඩුබායිහිදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (10) දිවයිනෙන් පිටත්ව ගියේය.